Thursday, November 24, 2016

''සදාකාලික නොවන පරාජයන් ඉදිරියේ තරග කරන පුද්ගලයෙක් ගේ කතාව SouthPaw''




සුවිශේෂී සිනමා නිර්මාණයක් ලෙසින් මේ වන විටත් සමස්ථ ලෝක ජනතාවගෙන් වැඩි කොටසකගේ සිත් තුළ නවාතැන් ගන ඇති SouthPaw 2015 වසරේ ජුනි 15 වන දින ලොව පුරා තිරගත වීම අරඔන ලදී. මෙය බොක්සිං ක්‍රීඩකයෙකුගේ ජීවිතයේ සිදුවන සිදුවීම් වටා ගෙතුනු සිනමා නිර්මාණය වන‍ මෙම සිනමා නිර්මාණයAntoine Fuqua විසින් අධ්‍යක්ෂණය කරනු ලැබ ඇත.


මනුශ්‍ය ජීවිතය තුළ ඇත්තේ සුඛාස්වාදනීය වන සුන්දර දෑ පමණක් නොවෙයි. ජීවිතය යනු සුඛ මෙන්ම දුක්ඛ පාර්ශවයන්ගේ ද එකතුවකි. බොහෝ විට අපගේ ජීවිත ශක්තිමත් කරන්නේ ජීවිතය තුළ එසේ අපට මුහුණ පෑමට වන දුක්ඛ දායී සිදුවීම් සහ අපේ ජීවිතයේ සිදුවන බිද වැටීම් හා කඩා වැටීම් ආදිය ම වෙයි. පසු කලක මෙම බිද වැටීම්, කඩා වැටීම් ආදියෙන් පන්නරය ලබන බොහෝ දෙනා නැවතත් සිය ජීවිතය තුළ නැගී සිටින ආකාරයක් දැක ගත හැකිය. එය සැබෑ ලොවෙහි ජීවත්වන මිනිසුන් සම්බන්ධයෙන් යථාර්ථයකි. ලෝකයේ බොහෝමයක් ශ්‍රේෂ්ඨත්වයටපත් වූ මිනිසුන් ගේ ජීවිතවල දැකිය හැකි ප්‍රධානම රහස නම් එයයි. එනම් සිය කඩා වැටීම් හමුවෙහි නොසැලී හිද එම කඩා වැටීම් ජීවිතයේ නැගී සිටීමක පාඩමක් කර ගැනීමයි. වරක් විදුලි බුබුළ නිර්මාණය කළ තෝමස් අල්වා එඩිසන් අවස්ථා දාහකදී පමණ අසර්ථක වූ අතර අවසානයේ එක්දහස් එක්වෙනි වතාවට දරන ලද උත්සහයේ ප්‍රතිඵලයක් ලෙසින් සාර්ථකත්වයට පත් විය.   මෙම South Paw සිනමා නිර්මාණය තුළ ද ඇත්තේ ඉතා සියුමි ලෙස මනුෂ්‍ය යෙකු ජිවිතේ බ්ඳවැටීමි හා නැඟීටිම් තිරය මත  පැය 2කට ආසන්න කාලයකදී කෙරෙන දිග හැරැමකි..

 

මෙම සිනමා පටයේ  කතා වස්තුව සරලව මෙසේය. මෙහි ප්‍රධාන චරිතය වන බීලී හෝප්ස් නමි බෝක්සිං ක්‍රීඩකයා ඇමරිකාවේ නිවියෝක් නුවර සිටිනා අපරාජිත බෝක්සිං ක්‍රීඩකයෙකි. ඔහුගේ බිරිඳ වනුයේ මරීන් වන අතර සිඟිති දියණිය ලයිලා වෙයි. සිනමා නිර්මාණය ආරම්භයේ දී ම මොහු World Light Heavyweight තරඟය සදහා තරග වැදීමක් ප්‍රේක්ෂකයා දැක ගැනීමට හැකි වනු ඇත එමෙන්ම එම තරඟයෙන් ජය ගැනීම ද බීලී හෝප්ස්ට හැකි වෙයි. වරක් තම ලයිලා දියණියගේ ළමා සංගමයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වන්නට බීලී හා මරීන් යුවලට සිදුවෙයි. උත්සවය අවසානයේ දී නොසිතු විරු අන්දමින් බීලිගේ ප්‍රතිව්රුද්ධ වාදියෙකු  වන Escobar ගේ ආරක්ෂක නිලධාරීයෙකුගේ වෙඩි පහරින් මරීන් මිය යයි. සිය බිරිදගේ මිය යෑමත් සමගින් බිලීගේ මානසික මට්ටම ඉතා පහත් තත්වයට ඇදගෙන වැටෙයි.

මෙම සිදුවිමෙන් පසුව ඔහුගේ මානසික මට්ටම කොතෙක් පහළට ඇද වැටෙන්නේ දැයි පැවසුවහොත්  ඉතා පහළ මානසික අවපාතයකට ලක්වන බීලී මත්ද්‍රව්‍යවලට පවා ඇබ්බැහි වෙයි. මෙලෙසින් මත්ද්‍රව්‍යට  ඇබිබැහි වීම නිසා ඔහු අතින් සිදුවන විවිධ සිදුවීම් හේතුවෙන් ලයිලා වන තම දියණිය පවා පියාගෙන් ඉවත්කර ලමා ආරක්ෂණ සේවා වෙත යොමු කීරීමට නීතිය කටයුතු කරයි. සිය බිරිද අහිමි වීම මෙන්ම දියණියද තමන්ගෙන් ඈත්වීම හේතුවෙන් බිලී තවත් මනසින් කඩා වැටෙයි. එතැන් පටන් මානසික එ්කාග්‍රතාවය අහිමිවන මෙම අති දක්ෂ බොක්ෂින් ක්‍රීඩකයා දිගික් දිගට තරග බිමේදී අසාර්ථක ක්‍රීඩකයෙක් වීම ඇරඹෙයි. මෙලෙසින් තරඟ බිමේදී සුපුරුදු හැකියාවන් නොපෙන්වන නිසාවෙන් ඔහුගේ අනුග්‍රහකයන් පවා මොහුගෙන් ඉවත්ව යයි. මේ  නිසා බීලිට ගෙවීමට  තිබු ණය ගෙවා දැමීමට තම නිවස පවා ව්කිණීමට සිදුවෙයි. අසාර්ථක වීම් හා තරග බිම තුල සිදුවන පරාජයන් හේතුවෙන් කිසිදු අනුග්‍රාහකයෙක් බිලීට සමීප වීමට අකමැති වෙයි. ඔහුට අනුග්‍රාහකයන් නොමැති වීම නිසා නැවත තරඟ බිමට යාමට නොහැකි වෙයි. අවසානයේ අති දක්ෂ ලෝක ප්‍රකට බොක්ෂින් ක්‍රීඩකයා ට  රැකියාවක් සොයා ගැනීමට සිදුවේ.

නමුත් මේ සියල්ල වෙනස් වෙයි. මනුශ්‍යය ජීවිතයේ වෙනස නම් එයයි. බිදවැටීම්, අතපසුවීම් කඩා වැටීම් සැමදාමත් එකසේ නොපවතියි. බීලිගේ හොඳම මිතුරෙක් වන යෝ විසින් ඔහුව නැවත පුහුණු වීමි ඇරඕම සඳහා වීල් නම් පුහුණු වීම ස්ථානයට ගෙන යනු ලැබේ. එහිදී ඔහුට රැකියාවක් ලෙස එම ස්ථානයේ පිරිසිදු කරන්නෙකු ලෙසින් රැකියාවක් ලැබෙන අතර බිලී එම ස්ථානයේ දී යළිත් පුහුණු වීම් කටයුතු ආරම්භ කරනු දක්නට ලැබේ. දින කිහිපයක් ගතවන විට ඔහු ක්‍රමයෙන් මත්ද්‍රව්‍යයෙන් ද දුරස්වන අතර යළිත් යථා තත්ත්වයට පත්වීම ඇරඹෙයි.  ඔහුගේ මෙම හැසිරිමේ යහපත් භාවය නිසා ඔහුට නැවතත් තම දියණිය ගේ වගකීම ලබා ගැනීමට ද හැකියාව ලැබෙයි. එයින් පසුව නැවත සටන් බිමට පැමිණෙන බීලී තම බිරිදගේ මරණයට හේතු වු ප්‍රතිව්රුද්ධ ක්‍රීඩකයා හා සටන් වැද නැවත නැති වු කීර්තීය ලබා ගනියි.

බැලූ බැල්මට සරල කතා තේමාවක් හෝ සරල සිදුවීමත් ලෙසින් ඉදිරිපත්වුවද මෙම සිනමා පටය තුල පුද්ගල ජීවිතය සම්බන්ද ගැඹුරැ කරැණු රැසක් පිලිබද සියුම් ඉදිරිපත් කිරීමක් දැක ගත හැකි ය. පුද්ගලයෙක් ගේ ජිවිතයේ කඩා වැටීම් හෝ පරාජයන් සදාකාලික නොවන බව මෙන්ම ඒ කඩා වැටීම් දිනයක ජය ගැනීම් වෙනුවෙන් සිත ශක්තිමත් කරන ආශිර්වාදයන් සේ පැමිණෙන්නක් බව ද මෙම සිනමා පටය අපට සිතන්නට බල කරයි. අනෙක් අතට ජීවිතයේ කඩා වැටීම් පිලිබද තීරණ තීන්දු සපයන්නේ අන් කවරෙක් හෝ නොව තමන්ගේ සිතම බව ද මෙම නිර්මාණය හරහා වඩාත් සුන්දර ලෙසින් සහෘද බද්ධ කෙරෙයි. 

සටහන- නිර්ණාමිකයා

වෙදැදුරු සිහිනය බිඳී බිහිවූ සිත්තරා



වලිමුනි සිරිනෝරිස් මැන්දිස් මහතා වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකි. එතුමා වාසය කළ මහවැව මාදම්පේ ග‍්‍රාමයේ පමණක් නොව එතුමාගේ කිත් යසස පුත්තලම දිස්ත‍්‍රික්කය පුරාත් ඉනික්බේ එතනින් එපිට වයඹ පළාත පුරාත් දනන් තුඩ තුඩ රැුව් දී ඇත. නිස්සංක සිරෝ මැන්දිස් මැතිණියටත් මේ වලිමුනි සිරිනෝරිස් මැතිඳුන්ටත් දාව දරුවන් අට දෙනෙකි. ඒ අතරින් එක් දරුවෙක් වූ සෝලියස් නම් දරුවා උත්පත්තිය ලබන්නේ 1896 ජූනි 17 වෙනිදා ය.

පියගේත් මවගේත් බලාපොරොත්තුව වූයේ පුංචි සෝලිස් දිනෙක ආයුර්වේද වෛද්‍ය ශාස්ත‍්‍රයේ කෙළපැමිණි වෙදැදුරෙක් බවට පත් කිරීමය. එහෙත් අනෙක් දරුවන් මෙන් නොව සෝලියස් ප‍්‍රිය කළේ සිතුවම් කලාවට ය. කුඩා අවදියේ පන්සල සමඟින් අප‍්‍රමාණික සමීප බැඳියාවක් සකසා ගත් මේ කුඩා සෝලියස් බාල වයසදීම සහජයෙන් උරුමකර ගත් සිතුවම් ඇඳීම ක‍්‍රමයෙන් වර්ධනය කරන්නට වෙහෙසෙයි. පන්සල හා ස්වභාව ස්වභාව දහමට සෝලියස් සතුව පැවැති ආසක්ත බව හා බැඳීම නිසාම මනා හික්මීමක් ඇති නිවුණු ශාන්ත චරිතයක් ලෙසින් ක‍්‍රමයෙන් මේ කුඩා දරුවා වැඞී වර්ධනය වෙන්නේ මේ අතරවාරයේ ය. ඔහු විඳින ලද මෙම නිස්කලංක වට පිටාව ම ඔහුට ආවේනික ශෛලියක් ගොඩනගා දෙන්නට සමත්ව ඇත.

කුඩා සෝලියස් මුලින්ම සිතුවම් කරණය පිළිබඳ හැදෑරීම අරඹන්නේ ද ඔහු සතුව පැවැති මෙම අසීමිත ආශාව හා ඇල්ම නිසාය. ඒ වරක් මාරවිල සුමන කුසුමාරයේ සිතුවම් අඳින දෙස මොහු ආශාවෙන් බලා සිටින අයුරු දුටු එහි විහාරාධිපති හිමියන් සිතුවම් කරණය පිළිබඳ සෝලියස් ගේ ඇති ඇල්ම අවබෝධකරගෙන ඔහු එවක පන්සලේ සිතුවම් ඇඳි සිත්තරාට භාරදීමත් හේතුවෙන් ය. ඒ සමඟින් පන්සල් චිත‍්‍රකරණයට ප‍්‍රවිශ්ඨ වෙන මොහු පසුකාලීනව තමන් ව්‍යුත්පත්තියෙන් ලැබූ ඥානය මෙන්ම මුල්කාලයේ පටන් තමන්ටම කියා පවත්වාගෙන පැමිණි ස්වාධින ශෛලියත් භාවිත කරමින් වෙනස් වූ මගක යමින් 1912 වසර වන විට මාරවිල සුමන කුසුමාරාම විහාරයේ ත් 1915 දී රණස්ගල්ල විහාරයේ ත් 1920 වන විට ගිරිඋල්ලේ මැද්දෙපොල විහාරයේ ත් පොළොන්නරුවේ ශ‍්‍රී ජයබා විහාරයේ ත් උඩුබද්දාව ටැම්පිට විහාරයේ ත් මල්වාන ලෙනගම්පල විහාරයේ ත් ඇතුළුව විහාර රැුසක සිතුවම් නිර්මාණය කරණු ලැබ ඇත. ඒ සෑම සිතුවමකම ඇති ඔහුගේ අනන්‍යතා සලකුණ හේතුවෙන් ඒ විහාර සිතුවම් මෙතෙක් ලංකාවේ බිහිවූ බොහෝ පන්සල්වල ඇති සිතුවම් වලට වඩා වෙනස් ආරක් ගෙන ඇත.
හෙලේනා විජයවර්ධන මැතිනිය කැළනි විහාරය ප‍්‍රතිසංස්කරණය කරමින් එහි සිතුවම් නිර්මාණය කරන්නට දක්ෂ සිතුවම් ශිල්පියෙක් සොයන්නේ මේ අතර වාරයේ ය. සෝලියස් ගේ සිතුවම් වල ඇති වෙනස් හා විශිෂ්ට බව නිසාම ඉතා ඉක්මනින් ම ඇයට ඔහු පිළිබඳ ආරංචි වන අතර පසුව ඇගේ අනුග‍්‍රහයෙන් ඉන්දියාවේ අජන්තාව, එල්ලෝරා වැනි ලෝක පූජිත සිතුවම් නැරැුඹීමට සහ ඒවායේ ලක්ෂණ හඳුනා ගැනීමටත් සෝලියස් ඉංදියාවට යවා ඇත.

ඉන්පසුව 1930 සිට 1948 දක්වා වසර 18ක කාලයක් ඔහු කැලණි විහාරයේ බිතු සිතුවම් කරණයේ යෙදී ඇත. මෙතුමාගේ සිතුවම් කරණයේ පැවැති සුවිශේෂී ම ලක්ෂණය නම් දෑසට සෞම්‍යක් ගෙන දෙන වර්ණ භාවිත කිරීමයි. විශේෂයෙන් ම එවැනි වර්ණ නිර්මාණය කර ගන්නට ඔහු භාවිතා කරන ලද අමුද්‍රව්‍ය ද අනෙක් සිත්තරුන් ගේ භාවිතාවන්ට වඩා වෙනස් ය. විවිධ පස් වර්ග, මකුළු මැටි, ගස්වල කොළ පොතු පමණක් නොව බිත්තර සාරු ආදිය ද ඔහුගේ අමුද්‍රව්‍ය අතර විය. ඔහුගේ කිසිදු සිතුවමක කිසිදු රේඛාවක් මෝස්තරයක් අනවශ්‍ය යැයි කියා නොසිතෙන ලෙසින් ඔහු ඒ සියල්ල සිතුවමට බද්ධ කර ඇත. විශේෂයෙන් ම අනෙක් ශිල්පීන් මෙන් නොව මොහුගේ සෑම සිතුවමක් ම චිත‍්‍රකරණය පිළිබඳ හදාරන්නවුන් ට අද ද තක්සලාවක් තරමට ම සිතුවම් කරණය පිළිබඳ නව පාඩම් රැුසක් අවබෝධකර දෙනු ලැබෙයි. 






එහෙත් ලොව බොහෝමයක් සිත්තරුන්ගේ ජීවිතයේ ශෝකාන්තයක් හමුවෙනවා මෙන්ම සෝලියස් සිත්තරා ගේ ජීවිතයේ ද විසල් ශෝකාන්තයක් හමුවෙයි. කැළනි විහාරගෙයි එක් සිතුවමක් ඇඳීම පිලිබඳ බලාපොරොත්තු දල්වාගෙන උන්නද ඒ විසල් සිතුවම සෝලියස්ට භාර නොදී විදේශිකයෙක් ලවා අන්දවනු ලැබූ බැවින් පින්සල් කඩා කැළනි ගඟට විසිකර පන්සලෙන් ආ සෝලියස් සිතුවම් කරණය ප‍්‍රතික්ෂේප කර ඇත. ඒ ඔහුගේ සිත රිදුම හේතුවෙන් ය.

ජීවිත කාලයම තනිකඩව ගත කළ මේ අප‍්‍රමාණ සිත්තරා පිනට දහමට ලැදි බව විෂද කෙරෙන කරුණු කාරණා දෙකක් පිළිබඳව ද අදත් ගෞරවයෙන් සැළකිය හැකිය. එකක් නම් ඔහු කිසිදු දිනෙක සිය සිතුවම් සඳහා පාට හෝ බදාම සකසා ගැනීමට භාවිත කරන ලද බිත්තර සාරු බිඳින ලද බිත්තරවලින් නොගැනීමයි. ඒ සඳහා ඔහු සැමවිටම භාවිත කර තිබුණේ බිඳුණු බිත්තර සාරු ය. අනෙක් අතට ඔහු සතුව තිබූ මාදම්පේ ඉඩම අඳ ගොලූබිහිරි පාසලක් පවත්වාගෙන යෑමට ඔහු පරිත්‍යාග කරන්නට තරම් නොමසුරු ගුණවතෙක් විය.





පින්සලත් පරාර්ථයත් උදෙසා සිය දිවියම කැප කල මේ උත්තුංග කලා ශිල්පියා 1975 සැප්තැම්බර් 01 දා දිනයක සදහටම දැයෙන් සමුගනු ලැබීය






සටහන - නිර්ණාමිකයා

ලෝක සාහිත්‍යට කවුලූවක් විවර කරදුන් අප‍්‍රමාණික මිනිසා



මිනිසුන් උපදියි. කවර හෝ ලෙසකින් ජීවිතය ගෙවා දමයි. අවසන මිය යයි. මෙය ලෝකයේ සියලූම මනුෂ්‍යන්ට පොදු කරුණකි. සමහර මිනිසුන් ජීවත්ව ඉන්නා කාලයේ ද ජීවිතය ගෙවන්නේ මියගිය වුන් සේ ය. සමහරු මිය ගිය පසු ටික කලෙකින් ජීවත්ව සිටින්නවුන්ට අමතකව යයි. නමුත් අතලොස්සක් දෙනෙක් මිය ගිය ද ඔවුන්ගේ නාමය සදාකාලිකව ජීවත්ව සිටින්නවුන්ගේ මතකයේ රඳවා යයි. ඔවුන් සදානුස්මරණීය චරිත බවට පත්වෙයි. මේ කතාවද එවන් සුපසන් මිනිසෙක් පිළිබඳව ය. පසුගිය දිනෙක ඔහු ද සුවහසක් මිනිසුන්ගේ සිත තුළ නොමැකෙන මතකයක් රඳවා යළි නො එන ගමන් ගියේය. එහෙත් ඔහුගේ මතකය පරපුරින් පරපුරට අමරණීය ලෙසින් යාත‍්‍රා කරන බව නම් නොරහසකි. ඔහුගේ සාහිත්‍යයික සේවාව අදත් හෙටත් පමණක් නොව මතු උපදින දරුවාටත් ජීවිතයට අලෝකය ලබන්නට කවුලූවක් විවරකර තබන බව නම් නිසැකය.

හේ නමින් සිරිල් සී. පෙරේරාය. 1923 ජූනි මස 03 වෙනිදාවක කොළඹ දිස්ත‍්‍රික්කයට අයත් කලූබෝවිල ග‍්‍රාමයේ උපන් ඔහුගේ පියා ගල්හේනගේ සයිමන් පෙරේරා වූ අතර මව මිල්ලෙනියේ ජොසලින් පීරිස් නම් විය. කුඩා සිරිල් ඉපදීමට මත්තෙන් කලක් ඔහුගේ පියා ‘සරසවි සඳරැුස’ පුවත්පතේ ද සේවය කර ඇතැයි සැලකෙන අතර ඔහු සිංහල හා ඉංග‍්‍රීසි යන ද්වී භාෂා පිළිබඳ ව පුලූල් බුද්ධිමතෙක් ද වී ඇත. පුංචි සංදියේ දී එදා නාගහ හංදිය ලෙසින් සැලකූ අද බොරලැස්ගමුව හංදිය ලෙසින් සැලකෙන ස්ථානයේ පිහිටි කාසිම්ගේ කඩයෙන් ගල් ලෑල්ලක් හා සිංහල හෝඩි පොතකුත් රැුගෙන රත්තන පිටියේ විදුහලින් ඔහු සිය ශිල්ප හැදෑරීමේ චාරිකාව ආරම්භකර ඇත.

පුංචි සිරිල්ට ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ වැඩි අවබෝධයක් ලබාදීම අවශ්‍යයැයි සිතූ සිරිල්ගේ පියා පසුව ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් මිෂනාරි පාසලට ඇතුළත් කරන්නේ ඉංග‍්‍රීසි අධ්‍යාපනය හැදෑරීමට ය. එහෙත් ඉංග‍්‍රීසි පාසැලකට දැමූ පමණින් සිංහල බස අමතක කරන්නට ඉඩ නොදෙන සිරිල් ගේ මව පුංචි සිරිල් ට නිවසේ දී සිංහල උගන්වනවා ඇත. ඒ පිළිබඳ වරක් සිරිල් පසුකාලීනපුවත් පත් සාකච්ඡුාවක දී මෙසේ පවසා ඇත.
 

‘‘ගෙදරදි අම්මා මට සිංහල භාෂාව ඉගැන්නුවා. වේවැලකුත් අරගෙනයි ඒක කලේ. වැරදුනාම කකුලට ගැහුවා. මේ නිසා මට ඉතා ටික කලෙකින් සිංහල ඉගැන්වීම පවා අප‍්‍රසන්න වුණා. අන්තිමේදි වුණේ පාසලේ සිංහල භාෂාව ප‍්‍රශ්න පත‍්‍රයටත් මට අඩු ලකුණු ලැබුණ එක.’’

නමුත් මේ තත්ත්වය දිගින් දිගට පවතින්නේ නැත. ඒ සිරිල් ගේ ජීවිතයට පියාගේ සෙවනැල්ල අහිමි වීමත් සමඟින් ය. පියාගේ මරණයත් සමඟින් පුංචි සිරිල් ගේ අධ්‍යාපනය පිළිබඳ සොයා බැලීමේ වගකීම පැවරෙන්නේ ඔහුගේ බාප්පා කෙනෙකුන්ට ය. හේ සිංහල භාෂා ප‍්‍රබෝධය පිළිබඳ මහ ඉහලින් සැලකූවෙක් ය. ඒ නිසා ම පුංචි සිරිල් ව ක‍්‍රිස්තියානි අධ්‍යාපනයෙන් මුදවා සිංහල අධ්‍යාපනයට යොමුකරන ඔහු මෙතෙක් සිරිල් ගිය මිෂනාරි පාසලෙන් අස්කරවා ඔහු වැල්ලවත්තේ ශ‍්‍රී වෛශාඛ විද්‍යාලයට ඇතුල් කරයි. එපමණක් නොව පුංචි සිරිල්ට යළිත් සිංහල භාෂාව පිළිබඳ ආශාවන් ජනිත වන්නේ ඔහුගේ මෙම බාප්පාගේ ඇසුර නිසා ය. එකළ සිරිල්ගේ බාප්පා මුණ ගැසෙන්නය කුමාරතුංග මුනිදාසයන්, ඩබ්ලිව්. ඒ. සිල්වා, ජයන්ත වීරසේකර ආදීන් පැමිණි අතර ඔවුන් ගේ ප‍්‍රිය සාද කතාබහ කන වැකීම සමඟින් පුංචි සිරිල් සිංහල පත පොත කියැවීමේ රුචිකත්වයෙන් පෙළෙන්නට වෙයි. ඒ අනුව ඔහු අසීමාන්තික ලෙසින් සිංහල පත පොත පරිශීලනයට පෙළඹෙයි. නමුත් ඉඩම් ආරවුලක් හේතුවෙන් පුංචි සිරිල්ගේ බාප්පා හා අම්මා විරසක වීමත් සමඟින් අම්මා විසින් සිරිල්ව පාසැලින් අස්කරවා කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයට ඇතුළත් කරවයි. මේ අනුව එවක පටන් දිගින් දිගටම ආනන්ද ශාස්ත‍්‍රාලය තුළදී ද සිංහල හා ඉංග‍්‍රීසි යන ද්වී භාෂා පරිචය ලබන සිරිල් ක‍්‍රමයෙන් මෝරා වැඩිහිටි සිසුවෙක් බවට පත්වන අවධිය වන විට සාහිත්‍ය පිළිබඳ අවබෝධයක් හා සාහිත්‍ය නිර්මාණ සිදුකිරීමේ ආශාවකින් පසුවන්නෙක් බවට පත්වෙයි. උසස් පෙළ අධ්‍යාපනය ලබන අවධියේ දී මේ තරුණයා වරින් වර කෙටිකතා රචනා කර සිළුමිණ පුවත්පතට යවන නමුත් ඒ එකක්වත් පළ වන්නේ නැත. හේමපාල මුනිදාසයන් විසින් ‘‘සිංහල බලය’’ නමින් සති අන්ත පුවත්පතක් ආරම්භ කරන්නේ මේ අවධියේ දී ය. තරුණ සිරිල් වරක් තමා ලියූ කෙටිකතාවක් ද ගෙන හේමපාල මුනිදාස මහතා මුණ ගැසෙන්නට යන්නේ ඔය අතරවාරයේ ය. මුනිදාස මහතාගේ නිහතමානී කම නිසාවෙන් ම මේ තරුණයාගේ කෙටිකතාව ඒ මොහොතේම කියවා සුලූ සුලූ වැරදි අඩුපාඩු කිහිපයද පෙන්වා ඒවා නිවැරදි කරවා මේ සුමානෙ බැරිවෙයි ලබන සුමානෙ මේක පල කරන්නම් යැයි පවසා ඇත. ඔහු පැවැසූ පරිදිම සිරිල්ගේ නිර්මාණය ඒ සතියේ පත්තරයේ පලව ඇත. ඉන් පසුව දිගින් දිගටම සිරිල් විසින් මෙම පුවත්පතට යැවූ කෙටිකතා පසුව දිගින් දිගටම පලව ඇත. ඒ සිරිල්ගේ නිර්මාණ මුල්ම වරට මුද්‍රණයක් හරහා එළිදුටුව අවස්ථාවයි.

පසු කාලීනව අවුරුදු විසිහතේ දී පමණ තෝල්ස්තෝයි ගේ කෙටිකතා කිහිපයක් සිංහලයට පරිවර්ථනය කරන තරුණ සිරිල් ඒ කෙටිකතා ද රැුගෙන කොළඹ එම්.ඞී. ගුණසේන සමාගමට පැමිණෙන්නේ පොතක් ලෙස පලකිරීමේ අවශ්‍යතාවයත් සමඟින් ය. නමුත් එම ස්ථානයේ ඒ මොහොතේ සිටින්නේ ගුණසේන මහතා නොව ඔහුගේ ඥාතියෙකි. වැඩ බලන ලද එකී පුද්ගලයා සිරිල්ගේ පොත මුද්‍රණය කිරීම ප‍්‍රතික්ෂේප කරයි. එයින් අධෛර්යමත් නොවන සිරිල් එම කෙටිකතා පෙළ සිය මිතුරෙක්ගේ පුද්ගලික උපකාරය මත වෙළුම් දෙකකින් යුතුව පසුකාලීනව මුද්‍රණයේ යෙදෙයි. ඒ සිරිල් සි පෙරේරා නමින් පසුකලෙක සමස්ථ රට වැසියාම හොඳින් හඳුනාගනු ලබන පරිවර්ථකයාගේ මුල්ම පරිවර්ථන ආගමනයයි. එතැනින් පසුව ජීවිතයේ සැඳඋ සමයට එළඹෙන තුරු ඔහු විසින් විශ්ව සාහිත්‍යයේ අප‍්‍රමාණ කෘති සම්භාරයක් සිංහලයට පරිවර්ථනය කර ඇත. මෙරට දේශීය පාඨකයාගේ දැනුම වර්ධනය කිරීම උදෙසා එම පරිවර්ථන විශාල වශයෙන් මැදිහත් වී ඇත. එය මතු පරපුරට ද එකසේ ම වැදගත් වනු ඇත.

ඔහු විසින් තෝල්ස්තෝයි, දොස්තයොව්ස්කි, ගුස්ටාච් ෆ්ලෝබෙයා, ආතර් සී. ක්ලාක්, චාල්ස් ඩිකන්ස්, ගොගොල්, හෙමිංවේ, මෝපසාං, ෂොලොහොව්, ජැක් ෂෙපර්, බෲනෝ ආපිට්ස්, චිනුවා අචෙබෙ, පුශ්කිං, ගෝර්කි, ඕ හෙන්රි, සාත්‍රේ ආදී ලෝක සාහිත්‍යයේ දැවැන්ත සාහිත්‍යධරයන්ගේ කෘති පරිවර්ථනය කර ඇත. ඒ පරිවර්ථන කෘතින් යුද්ධය හා සාමය, පේමතෝ ජායතී සෝකෝ, කරමසෝ සහෝදරයෝ, එමා බොවාරි, මහල්ලා සහ මුහුද, නත්තල් ගීතය, මළ මිනිස්සු, පෙරළුෑ නැවුම් පස, වෘක්කයන් අතර නග්නව, චිකිගේ පාසැල් සමය, නිර්මාණය හා ශෝකය, පිස්සෙකුගේ දිනපොත. ඉස්කෝප්ප පොරොව, මලක සුවඳ, මකරාක්ෂ, වැන්දඹුව ආදී ලෙසින් නම් ලබා ලාංකේය පාඨක ජනයාට විඳින්නට අවස්ථාව උදාව ඇත. මේ උක්තයේ දැක්වූ කෘති නාමාවලිය හෝ ලේඛක නාමාවලිය සිරිල් සී පෙරේරාවන් ගේ සියලූම කෘති නොවන අතර ඔහු අති විශාල කෘති සම්බාරයක් පරිවර්ථනය කර ඇත. 





ඒ පරිවර්ථන කාර්යයන් වෙනුවෙන් සහ ලාංකේය සාහිත්‍යයට ඔහු විසින් කරන ලද සුවිසල් මෙහෙවර හේතුවෙන් සම්මාන රාශියකින් ද වරින වර ඔහු පිදුම් ලබා ඇත. ඒවා අතර 1995 වසරේ ශ‍්‍රී ලංකා රාජ්‍ය නාට්‍ය උළෙලේ දී මකරාක්ෂයාට හොඳම පරිවර්තනයට හිමි සම්මානය, 1991 වසරේදී කොළඹ විශ්ව විද්‍යාලය විසින් දුන් ‘වින්දන ප‍්‍රසාද ප‍්‍රණාම’ සම්මානය, 1993 වසරේදී මතවාද ලේඛක සංගමය විසින් දුන් සම්මානය,1998 වසරේදී 75 වෙනි උපන් දිනය වෙනුවෙන් ලේඛකයන් විසින් පිළිගැන්වූ ‘පහනින් පහන’ සම්මානය, 1999 වසරේදී සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් දුන් 50 වසක සේවයට දුන් සම්මානය, 2003 වසරේදී සමාජාවාදී කලා සංගමය විසින් දුන් සම්මානය, 2003 වසරේදී ‘රාජ්‍ය සාහිත්‍ය’ සම්මානය, 2003 වසරේදී ගොඩගේ සම්මානය, 2004 වසරේදී අධ්‍යාපන දෙපාර්තමේන්තුව දුන් ‘ගුරුළු ගෝමි’ සම්මානය, 2004 වසරේදී යලිත් සංස්කෘතික දෙපාර්තමේන්තුව දුන් ‘දේශ නේතෘ’ සම්මානය, 2004 වසරේදී යලිත් ශ‍්‍රී ලංකා රාජ්‍ය නාට්‍ය උළෙලේ දී වැන්දඹුවෝට ලැබුණු සම්මානය, 2005 වසරේදී රුසියානු සංස්කෘතික කේන්ද්‍රය විසින් දුන් ‘තෝල්ස්තෝයි’ සම්මානය, 2005 වසරේදී ගොඩගේ විශිෂ්ඨතම සාහිත්‍යවේදී ගෞරව සම්මානය, 2005 වසරේ දී ‘සුරස’ සාහිත්‍යවේදී සම්මානය, 2006 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී පිදෙන උසස්ම සම්මානය වන ‘සාහිත්‍ය රත්න’ සම්මානය, 2009 වසරේදී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සාහිත්‍ය සම්මානය,2009 වසරේදී වැඩ කරන ජනතා උපහාර සම්මානය, 2016 වසරේදී ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිංහල හා ජන සන්නිවේදන අධ්‍යයනාංශය මගින් පිරිනැමූ ‘විද්‍යෝද්‍යාභිමානී’ සම්මානය වෙති.




මේ සියල්ලටමත් වඩා වැදගත්ම සම්මානය නම් සමස්ථ ලක් ධරණී තලයේ වෙසෙන සුවහසක් සාහිත රසකාමී පාඨක ජනයාගේ හදමැද සැබැවින් ම ඔහු කිරුළු පලන් සාහිත වේදියෙක් වීමයි. වෘත්තියෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ සැලසුම් ශිල්පියෙක් ලෙසින් කටයුතු කළ ද ඔහු දිවි සැරිය ගෙවූ වසර 93ක කාලය පුරාවට ඔහු විසින් සිදුකළ සාහිත්‍ය කටයුතු හේතුවෙන් ඔහු අමරණීය චරිතයක් වනවා නො අනුමානය. සම්මාන පසුපසින් හඹා නොගිය මෙතුමා සදාකාලිකවම ජනතා සම්මානයෙන් පුද ලැබ ජන හදවත්වල අමරණීය චරිතයක් ලෙසින් වෙසෙන බව නම් පැහැදිලි සත්‍යකි.


සටහන - නිර්ණාමිකයා